Saturday, June 27, 2009

මම විජිත නම්බූවසම් අවුරුදු 22ක් මව් බිම වෙනු ‍‍වෙනුවෙන් නාවිකයකු හැටියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කල Chief Petty officer කෙනෙක්. දැන් මම යුධ අබාධිතයෙක් හැටියට විශ්‍රාම ලැබුවෙක්. අවුරුදු විසි දෙකක නාවික හමුදා ජිවිතයේ ලබපු බිහිසුනු අමතක නෙවන අත්දැකිම් රාශියකි. අද මෙම කථාව මම ඔබට ලියන්න ජිවත්ව සිටිම දෛවයේ හාස්කමකි. මම මෙසේ කියන්නේ අවුරුදු හයක් කෙටි ත්‍රස්තවාදින් ගේ කටුක සිරගෙවල හෙටක් ගැන සිතිය නොහැකිව ගතකල කෙනෙක් නිසයි. මේ මා ලැබු අත්දැකිම් ඔබ හා බෙදාගන්නට දරන උත්සාහයකි. ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මා ඉතා අගය කොට සලකමි. මගේ ජිවිතේ අමතක නොවන දිනයට මගේ මතකය දිවයයි.

1994 බිනර මස 19 වන දිනයි. වෙලාව රාතී‍්‍ර 12.00ට විතර ඇති. නැවේ ගබඩාවට අදාල පොත්පත් වල දෛනික කටයුතු අවසන් කරලා සැප නින්දකට යන්න හිතාගෙන කැබින් එකේ මගේ ඇදට ගියා.මගේ ඇදේ ආධුනික නාවියෙක් නිදි.නැවේ ඉන්න කණිෂ්ඨ නැවියන් අතර ජේ්‍යෂ්ඨතමයා හැටියටත් නැව් නිවස්නයේ සභාපති හැටියටත් මට හිමි බලතල පාවිච්චි කලා නම් ඒ ළමයාව අවදිකරලා දඩුවමක් දෙන්න පුළුවන්. ඒත් මට ඒ වෙලාවෙ එහෙම කරන්න හිතුනෙ නැහැ.මම ආපහු ඇවිත් කෑම මේසය උඩ හොදට අත පය දිග ඇරලා හාන්සි වුනා. නැව පුරුදු ලතාවට දෙපැත්තට පැද්දුනා.අම්මගෙ ලග තුරුලූ වෙලා නිදා ගන්න මගේ කුළුදුල් දියණියගෙ කිරි සුවද ඒ වෙලාවෙ මට මතක් වුනා. සිතිවිලි අතරෙ කුරගගා නින්ද මගේ ඇස් වලට ළගා වුනේ මටත් නොදැනිම.එක පාරටම ඇහුන හෙණ හඩින් මම ඇහැරුනා.ඒ එක්කම මම විසිවෙලා ගිහින් යකඩ දොරක හැපිලා බිම වැටුනු බව යන්තමට දැනුනා.ඇස් නොපෙනෙන බවත් කන් නොඇසෙන බවත් මට දැනුනා. වසර 12ක හමුදා ජීවිතේ අත්දැකීම් තිබූ මට සිදු වූ දේ තේරුම් ගන්න එ් තරම් වෙලාවක් ගියේ නැහැ. කොටි වටකරගෙන අපේ නැවට පහර දෙමින් සිටියාx නැෙවි සියලූ යන්ත‍්‍ර කි‍්‍රයා විරහිත වුනාx වි¥ලිය විසන්ධි වුනාx හයිඩ්‍රොලික් වලින් ක‍්‍රියාකරන බර අවි නිහඩ වී තිබුනාx එදා පුර පසලොස්වක පොහොය දිනයකිx පොය හදේ හඳඑළියට මුවා වෙලා කොටි ත‍්‍රස්තවාදින් තවත් අමානුෂික ප‍්‍රහාරයක සාර්ථකත්වය ලබමින් සිටියාx නැෙවි පහළ තට්ටුවට ගිය මට දකින්නට ලැබුනේ මගේ ඇදේ නිදාසිටි කොල්ලා නාහෙන් කටෙන් ලේ දාගෙන සදාකාලික නින්දට වැටි සිටින හැටිx මෙතෙක් ෙවිලා මගේ ආදරනීය නිවහන වු සාගරවර්ධන නැෙවි බඳ සි¥රු වී වතුර ඇතුලට ගලමින් තිබුණාx එක් ප‍්‍රහාරයකින් නොනැවතුන කොටි රැුල අධිබලැති පුපුරන දාව්‍ය රැුගත් දෙවන බොට්ටුවක් ගෙනැවිත් අපේ නැෙවි හැප්පුවා. විශාල ශබ්දයක් සමග නැව ගිනි ගත්තාx ජිවිතාරක්‍ෂාව පතා පසුබසිමින් මහා සයුරට පනින්න අපට අණ ලැබුනාx කොටින්ගේන් එල්ලවන වෙඩි වරුෂා මධ්‍යයේ මුහුදේ පාවෙමින් , පිනමින් , ගිලෙමින් , මතුවෙමින් සිටියදී යමෙකු මා ඇදලා ගන්නවා මට දැනුනාx ඊ ළග තත්පරයේදි මගේ අත් කකුල් කිටි කිටියේ තද වුනාx මුනින් අතට බෝට්ටුවට දමලා උන්ගෙ කකුල් මගේ පිට උඩින් තියා ගත්තාx නැව පුපුරද්දි විසිෙවිලා ගිය යකඩ දොරේ වැදිලා පුපුරු ගහමින් තිබුන තුනටියට රයිපල් වලින් එක දෙක අනිනවා දැනුනාx ෙමි වන විට හොදටම ගුවන් ප‍්‍රහාර එල්ල වෙමින් තිබුනාx එතැන් සිට වසර 6ට ආසන්න කාලයක් විවිධ වු ¥ක්ඛ දෝමනස්සයන් මැද්දෙ ඛඔඔෑ කොටි ත‍්‍රස්ත‍්‍රයන්ගේ අත් අඩංගුවට පත්ව යුධ සිරකරුවෙක් විදියට කාලය ගත කළාx මගේ දියනිය මට නිතර මතක් වුනාx දෙපයට විලංගු දා ගෙන විවිධ ලැබිම් නොලැබිම් මධ්‍යයේ කාලය ගෙවුනාx විස¥මක් නැතිව කොටි අරගලයට දිගින් දිගටම ඇදී යද්දි අපිත් සිරකරුවන් ලෙස ගෙවන කාලය දිග බව තෙරුනාx ඒ නිසා අපි තිරනය කළා ෙමි ගතකරන ජිවිතයේ කෙළවරක් දකින්නx අපි නිදහස ඉල්ලා මාරාන්තික උපවාසයක යෙ¥නාx නිදහස හෝ මරණය අපේ තිරණය වුනාx පැවතුන වාතාවරනය මත අපි වෙනුවෙන් රජයට යමක් කළ නොහැකි වුවත් ජාත්‍යන්තර රතු කුරුස හමුදාව අපේ උදවිවට අවාx ඒ අනුව අවුරු¥ ගනනකට පසුව මම මගේ බිරිදත් ¥වත් දැක ගන්න ලැබුනාx මම ඛඔඔෑ අත් අඩංගුවට පසුවන විට යන්තමින් මුනින් පෙරලෙමින් සිටිය ¥ව ෙමි වන විට හොදට නටන ගයන ¥ව ඇවිදින හය වසක් සපිරි පාසල් යන දැරියක් ෙවිලා හිටියාx අම්මා කියලා ¥න්න විදියට ඇය ලොකයේ ලොකුම ත‍්‍රස්තවාදී නායක මාමාට ලියුමක් ලිව්වා. ත‍්‍රස්තවාදී දේශපාලන නායක තමිල් සෙල්වම්ට එය ¥න්නා ප‍්‍රධානියාට දෙන්න කියලා. ¥වගේ ලියුමට ප‍්‍රතිචාර අෙවි අත් ඔරලොසුවක් හා චොකලට් පාර්සලයක් සමග නොහිතපු මොහොතක නොහිතු අකාරයට මගේ ඉරනම වෙනස් කරමින් නැවත මට සිහිනයක්ව තිබු මාගේ නිවසට පැමිනිමට වරම් ලැබුනේ ෙමි විදියට. ඒ 2000 පෙබරවාරි 29 වැනිදා..... පැවතුනු අසනීප වලට දිගුකලක්ම නිසිප‍්‍රතිකාර නොලැබීම නිසා නිදහස්ව පැමිණී දා සිට විවිධාකාර වු රෝග තත්වයන් මතු වූ අතර ඒ ස`දහා නාවික හමුදා රෝහලින් ප‍්‍රතිකාර ලැබුනි. අවසානයේ යුද හමුදා රෝහලට ද අනුයුක්තව කොදු ඇටපෙලේ ශෛල්‍ය කර්මයක් කරන ලදී. කුඩාවියේ සිටම දියණියගේ ඇසුරින් ඈත්ව සිටීම නිසා ඇය මා වෙත දැඩි ලෙන්ගතු කමක් නොවීය. මා නැති අවදියේ ඇය මවත් සම`ග තද බැදීමකින් වෙලී සිට ඇත. ඒ අතරට අවුරුදු 6 කට පසු ආගන්තුකව මා පැමිණීම හේතුවෙන් මගේ දියණිය මා කෙරෙහි විරෝධ ආකල්ප මතුකරන්නට වුවාය. ඇයට මා තාත්තා නමින් හැදින් වු පිටස්තරයකු විනා අත්‍යවශ්‍ය පුද්ගලයකු නොවීය. මෙය පවුලේ සාමකාමි තත්වයටද ඇතැම් විට තර්ජන එල්ල කළේය. දියණියට සෙල්ලම් බඩු, ඇදුම් පැළදුම්, රස කැවිලි හා විසිතුරු දෑ ගෙනත් දෙමින් ඇය මා කෙරේ නතු කර ගැනීමට දැඩි උත්සාහයක් ගත් මුත් එයද සාර්ථක නොවීය. මේ තත්වය මත මගේ මනස දැඩි වෙහෙසට පත්විය. ඒ හේතුවෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු ගෙන් මට ප‍්‍රතිකාර ගැනීමටද සිදුවිය. කාලයාගේ ඇවෑමෙන් තවත් දියණියන් දෙදෙනෙකු අප පවුලට එකතු විය. ඒ දෙදෙනා තවම ප‍්‍රාථමික අධ්‍යාපනයේ් පසුවන කුඩා දැරියන්ය. ලොකු දියණියගේ හා බාළ දියණියන්ගේ වයස් පරතරය ඉතා විශාල වීමත් මතුව ඇති තවත් ගැටළුවකි. යුද්ධයේ අස්වැන්න හා අතුරු ඵල දෝත පුරා නෙලා ගත් මමත් මගේ දරු පවුලත් මේ වන විට යහපත් වතාවරනයක ජීවත් වීමට ලැබීම වාසනාවක් කොට සිතමි. දිනෙන් දින රටේ යුද්ධයේ උණුසුම වියැකී යුද්ධයෙන් අබාධිත වු අප මතකයෙන් ගිලිහී යද්දී සාමාජයේ අලූත් වන දැනුමෙන් අපි කොන් වීමට නොදී අපේ දෑත් වලට පරිඝණකය හුරු කරවන්නටත් අන්තර්ජාලයට පිවිසීමටත් අවස්ථාව ලැබුනා. ඒ ප‍්‍රදීප් ද සිල්වා මැතිතුමාගේ ම`ග පෙන්වීමෙනි. මගේ දරුවන් පරිඝණකයේ අහුමුලූ සොයන මේ වකවානුවේ මටත් ඒ ගැන ඉගෙනීමට හැකිවීම ඉතාවටිනා දායාදයකි. එය හුදකලා වූ දිවියකට නව ම`ගක් විවෘත වූවාසේ දකින්නෙමි. මෙම කාර්යයේදී වැඩමුලූ පැවැත් වීමට ස්ථානය සපයා දුන් විශ‍්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ඡෙනරාල් තිලකරත්න මැතිතුමාටත්, සහයෝගය දුන් ප‍්‍රසාද් ලොකුපිටිය මැතිතුමාටත්, දයාහේරත් මැතිතුමාටත් කෘතඥතා පූර්වක ස්තුතිය පිරිනමන අතර යුධ බිමේ අබාධිත වි සමාජ මෙහෙවරක නිරත වීමට නොහැකිව සිටින තවත් බොහෝ දෙනෙකුට මෙම අවස්ථාව ලැබේවායි ප‍්‍රාර්ථනා කරමි.........

Friday, June 26, 2009

I am Vijitha
I am from Gampaha
thanks